Saturday, May 4, 2024

General line - 0115112241

කොවිඩ් අගුලු දැමීම් හේතුවෙන් චීන ආර්ථිකයට තවදුරටත් දරුණු බලපෑම්




ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් යන දෙඅංශයටම අහිතකර බලපෑම් ඇතිකරමින් අඛණ්ඩව සිදුකෙරෙන  ශුන්‍ය  කොරෝනා  අගුලු දැමීම් හේතුවෙන් චීනය දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා.

මේ හේතුවෙන් චීනයේ ආර්ථික දර්ශක දිරිගන්වන සුළු බවක් නොපෙන්වන  බවයි අදාළ වාර්තවල දැක්වෙනනේ.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) පෙර කාර්තුවට වඩා ජුනි මස අවසානය දක්වා වන මාස තුන තුළ සියයට 2.6 කින් පහත වැටී ඇති බව Geo-politik වාර්තා කරනවා.

ප්‍රධාන මූල්‍ය , නිෂ්පාදන හා ප්‍රවාහන මධ්‍යස්ථාන වන මිලියන 127 ක ජනතාවක් වාසය කරනු ලබන ෂැංහයි ඇතුළු චීනය පුරා ප්‍රධාන නගර රැසක් මෙම කාල සීමාව තුළ පූර්ණ හෝ අර්ධ වශයෙන් අගුලු දමා තිබුණා.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ වාර්තාවකට අනුව අප්‍රේල් මාසයේදී ෂැංහයිහි එක මෝටර් රථයක්වත් විකුණා නැහැ.

ජුනි මාසයෙන් අවසන් වන කාර්තුවේදී ෂැංහයි හි ආර්ථිකය සියයට 13.7 කින් පහත වැටුනු බව ද එහි සදහන්. 

ෂැංහයි හි අගුලු දැමීම නිසා ගෝලීය සැපයුම්දාමයන්ට බලපෑම් එල්ල වී ඇති අතර ආහාර හිඟය සහ අත්තනෝමතික නිරෝධායන පියවරයන් ගැන පැමිණිලි කළ නිවැසියන්ගෙන් දුර්ලභ මහජන විරෝධයක් පවා මතුවෙමින් පවතින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.