Saturday, May 4, 2024

General line - 0115112241

හිටපු ජනපති කොංග්‍රස් සමුළුවෙන් එළියට දැමීම ගැන චීනය හේතු කියයි




චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ කොංග්‍රස් සමුළුවේදී එරට හිටපු ජනාධිපති හූ ජින්තාඕ ග්‍රේට් හෝල් ප්‍රධාන ශාලාවෙන් පිටතට රැගෙන යාම සම්බන්ධයෙන් මේවනවිට චීනය හේතු ඉදිරිපත් කරමින් සිටිනවා.

ඒ අනුව චීන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ හිටපු ජනාධිපතිවරයා සමුළුවෙන් පිටතට රැගෙනඑන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටි බවයි. ඒ හමුවේ ඔහුගේ කාර්යය මණ්ඩලය විසින් හිටපු ජනාධිපති හූ ජින්තාඕ විවේක ගැන්වීම සඳහා සමුළුවෙන් පිටතට රැගෙන ගිය බවයි චීන රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ. 

හූ ජින්තාඕ එලෙස කොංග්‍රස් සමුළුවෙන් පිටතට රැගෙන ගියේ චීනයෙ වත්මන් ජනාධිපති සී ජින්පින් ද ඒ අසලම රැඳී සිටියදීයි. කෙසේවෙතත් එය ජාත්‍යන්තරය තුල දැඩි ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් වුණා.