Monday, May 6, 2024

General line - 0115112241

උඩ යන පිටි මිලට සහනයක්




මෙරටට තිරිඟු පිටි ආනයනය සඳහා අලුත් අවස්ථාවක් ලබාදී තිබෙනවා. ඒ අනුව අද සිට දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා මෙරටට තිරිඟු පිටි ආනයනයට අවස්ථාව හිමිවනු ඇති.

පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහත හෙළීමත් ඉහළ යන තිරිඟු පිටි මිල පාලනය කිරීමත් මෙහි අරමුණයි. එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට ලබාදීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණේ වෙළඳ අමාත්‍යංශය හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අතරයි.
 
මේ අතර වී ගොවීන්ට යූරියා කිලෝ 50 ක මල්ලක් රුපියල් දස දහසකට ලබාදීමට ද රජය තීරණය කර තිබෙනවා.

දළ වශයෙන් මහ ක්නනයේ වී වගාවට අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණය ටොන් එක් ලක්ෂ 50,000 ක්.
 
ලෝක බැංකු සහන ණය පදනම මත ඉන් යූරියා ටොන් 13,000 ක් මෙරටට අද රැගෙන ආවා.  තවත් යූරියා මෙට්ට්‍රික් ටොන් 25,000 ක් ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීමටද නියමිතයි.