Sunday, May 5, 2024

General line - 0115112241

රටේ ඖෂධ හිඟය ගැන විශේෂ ගැන විශේෂ අනාවරණයක්




රට තුළ ඖෂධ හිඟයක් පවතින බව තමන්ද පිළිගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසනවා.
 
නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ ටී සුදර්ශණ පැවසුවේ එම අර්බුදය රටේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට තරම් බරපතල නොවන බවයි.

ඖෂධ මිල ඉහළ යාම සහ ඖෂධ ගෙන්වීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්ණ කළා.

මේ අතර ඖෂධ හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් රජයේ රෝහල් වෙත පැමිණෙන පිරිස ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ ග්‍රාමීය රෝහල්වල ඖෂධ හිඟය වඩාත් උග්‍රවී ඇති බවයි.