Sunday, May 5, 2024

General line - 0115112241

පාසැල් සිසුවෙකුට වෙඩි වැදී තිහගොඩ උණුසුම් වෙයි




පාසල් සිසුවෙකුට වෙඩිවැදීමේ සිද්ධියක් සමග මාතර තිහගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

එලෙස වෙඩිවැදී ඇත්තේ වයස අවුරුදු 15ක පාසල් සිසුවෙකුටයි.

පාසල් සිසුන් පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එය නවතා පරීක්ෂා කිරීමට යෑමේදී තිහගොඩ පොලීසියේ නිලධාරියෙකුගේ පිස්තෝල අවිය ක්‍රියාත්මකවීමෙන් සිසුවාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිදුවීමෙන් තුවාල ලැබූ සිසුවා මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්තාක ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

එම සිද්ධියත් සමග ගම්වාසීන් තිහගොඩ පොලීසිය අසලට රැස්වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳවා ඇත.

මෙම වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ බව කියන 54 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා ගේ වැඩතහනම් කොට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.