Sunday, May 5, 2024

General line - 0115112241

රටට වැදගත් ඖෂධවලත් හිඟයක් - වෛද්‍යවරු හා ඔසුසැල් හිමියන් කියයි




ග්‍රාමීය රෝහල්වල පවතින ඖෂධ හිඟයට කඩිනමින් විසදුම් ලබාදීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරුන් මෙන්ම ඔසුසැල් හිමියන් ද පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධවල පවා දැඩි හිඟයක් පවතින බවයි.

ශ්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමයේ සභාපති ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ මෙරටට ඖෂධ ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බවයි.

මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයෙන් විමසීමක් කළා. මේ, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ ටී සුදර්ශණ.

මේ අතර ඉදිරි මාස කිහිපය තුළ විවිධ ක්‍රම ඔස්සේ ඖෂධ වර්ග 231 ක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.