ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මැතිවරණ සදහා ඉදිරිපත් වීම වැළැක්වීමට පවතින නීති හමුවේ මැතිවරණ කොමිෂන් සභාවට නොහැකි බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවට පවතින නීතිය හමුවේ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ගේ නාමයෝජනා ප්රතික්ෂේප කිරීමට බලයක් නොමැති බවයි.
ඒ අනුව මැතිවරණ සදහා නාමයෝජනා භාර දෙන අවස්ථාවේ ද්විත්ව පුරවැසියන්ගේ නාමයෝජනා ප්රතික්ෂේප කිරීමට අදාළව නීති සංශෝධනය විය යුතු බවද ඔහු සදහන් කළා.
මේ අතර දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්රීවරුන් අතරින් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් සිටින්නේදැයි වාර්තාවක් ලබාදෙන ලෙසට කතානායකවරයා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සදහා සියලු මන්ත්රීවරුන්ගේ නම්, ජාතික හැදුනුම්පත් අංකය මෙන්ම ගුවන්ගමන් බලපත්ර විස්තර ඇතුළත් ලේඛනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි ඉකුත් සිකුරාදා ප්රචාරය වූ කනින් කොනින් විශේෂාංගයෙන් නෙත් නිවුස් අනාවරණ කළේ.