පාර්ලිමේන්තුවේ රැදී සිටිමින් ඡන්දය විමසන අවස්ථාවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට තමන් ඡන්දය ලබානොදුන්නේ ඊට විරෝධය පළ කිරීම සදහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.
20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ තමන් ප්‍රතිපත්තිගරුක දේශපාලඥයෙකු ලෙස මෙම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පක්ෂව ඡන්දය ලබා නොදුන් බවයි නෙත් නිවුස් කළ විමසීමකදී මන්ත්‍රීවරයා පැවසුවේ.
එකිනෙකට වෙනස් වූ ව්‍යවස්ථා සංශෝධන සදහා එකම පිරිසක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබද ජනතාව එම දේශපාලඥයින්ගෙන් ප්‍රශ්න කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ සදහා ඉදිරිපත් වීමට ඇති හැකියාව මෙවර අහිමි කළෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගනිමින් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් පැවසුවේ.