Wednesday, May 8, 2024

General line - 0115112241

කුලී ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ලියාපදිංචිය අද සිට




මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සදහා ලබාදෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමේ පළමු අදියරය අද සිට ආරම්භ වනවා. ඒ අනුව බස්නාහිර පළාතේ වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචිය අද සිට ආරම්භ කිරීමට නියමිතයි.

එම ලියාපදිංචියෙන් අනතුරුව ලබන 6 වනදා සිට බස්නාහිර පළාතේ සියලුම මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සදහා දැනට සතියකට ලබාදෙන ලීටර 5ක ඉන්ධන කෝටාව ලීටර් 10 දක්වා වැඩි කිරීමටයි නියමිතව ඇත්තේ.

දිවයිනේ අනෙකුත් පළාත් තුළ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචිය මේ මස 6 වනදා සිට 13 වනදා දක්වා සිදුකෙරෙන අතර ඉන්පසුව එම ත්‍රීරෝද රථ වලටද නව ඉන්ධන කෝටාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාව තුළ ත්‍රීරෝද රථ දස ලක්ෂ 80,000ක් පමණ පවතින අතර ඉන් ලක්ෂ 4ක් පමණ වෘත්තීමය මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ වන බවයි පැවසෙන්නේ.

මේ අතර බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචිය සිදුවන ආකාරය පිළිබද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රීරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න මෙලෙස කරුණු පැහැදිලි කළා. 

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචිය සදහා අද සිට මාස තුනක කාලයක් ලබාදී ඇති බවද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රීරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න වැඩිදුරටත් සදහන් කළා. 

ඉදිරියේදී මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ නියාමනය කෙරෙන ආකාරය පිළිබදවද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා.