Sunday, May 5, 2024

General line - 0115112241

රාජ්‍ය ඇමති ඩයනාගේ පෙත්සමක් යළි කැදවීමට දින නියම වෙයි




සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා  රාජ්‍ය අමාත්‍ය  ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම මාර්තු  මස 02 වැනිදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඒ, එම පෙත්සම ගාමිණී අමරසේකර, ඒ එච් එම් ඩී නවාස් සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එම කොමිසමේ සාමාජිකයන් එකොළොස් දෙනෙකු නම් කර තිබෙනවා.