Sunday, May 5, 2024

General line - 0115112241

ආශාවරී සංගීත කණ්ඩායමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ - පොලිසිය




ළමයින් පිරිසක් එක්ව පවත්වාගෙන යන ආශාවරී සංගීත කණ්ඩායමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පොලීසිය මැදිහත් වී එම සංගීත කණ්ඩායමට බාධා කරන බවට සමාජ මාධ්‍ය ජාලාවල පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

ළමුන්ගේ ප්‍රාසාංගික කටයුතු මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධවද ඒවායේ ගැලපීම් සහ නොගැලපීම් සීමාවන් පිළිබදවද කටයුතු කරනු ලබන්නේ වෙනත් ආයතනයක්.

ළමයෙකුට සිදුවන අපරාධමය වැරදි සම්බන්ධව සහ ඒවායෙන් ඔවුන් මුදවා ගැනීම සදහා දැනුවත් කිරීමේ කාර්යයන් හැර වෙනත් කිසිදු කටයුත්තක් සදහා පොලීසිය මැදිහත් නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළා.