Monday, May 6, 2024

General line - 0115112241

කොට්ඨාශ නීර්ණය ගැන පැෆරල්ට ප්‍රශ්නයක්




කොට්ඨාශ මත පදනම්ව මැතිවරණ ක්‍රියාවලිය සිදු කිරීමට ආණ්ඩව සූදානම් වන්නේ නම් කොට්ඨාශ නීර්ණය කිරීමේ අරමුණ කුමක්දැයි යළි ගැටලුවක් මතුවන බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ එම සීමා නීර්ණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර එකගතාවක් ඇති නොවුණහොත් ඊට වැය කරන මුදල් ද අපතේ යන බවයි. 

එවන් පසුබිමක් තුළ මැතිවරණ පැවැත්වීම කල් යාමක්ද සිදුවිය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්ච් පැවසුවා.  

කෙසේවෙතත් පළාත් පාලන ආයතන සදහා වූ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ සිය කමිටුවට මැතිවරණ කල් දැමීමට බලයක් නොමැති බවයි. 

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතීත්වයෙන් යුත් පළාත් පාලන ආයතන සදහා වූ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කෙරුණා. එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජයලත් දිසානායක, ඩබ්ලිව් එම් එම් ආර් අධිකාරි, කේ තවලිංගම් සහ අයි ඒ හමීඩ් පත් කර තිබෙනවා. පළාත් පාලන ආයතන සදහා වූ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව නොවැම්බර් පළමුවනදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වනදා දක්වා බලාත්මකයි. 

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්.