Monday, May 6, 2024

General line - 0115112241

ඉන්ධන මිල සූත්‍රය ගැන අලුත් එකගතාවක්




නියමිත දිනකට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එකගතාව පළ කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන දිනය, එදින රාත්‍රියේ ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍යවරයා එකගතාව පළ කළ බවයි.

නිශ්චිත දිනවලදී මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් මතුවන ගැටලු පිළිබද අමාත්‍ය කංචන විජේසේකර දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම එකගතාව පළ කළ බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව මින් ඉදිරියට හිගයකින් තොරව ඉන්ධන බෙදා හැරීමට හැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න වැඩිදුරටත් පැවසුවා. 

කෙසේවෙතත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය එල්ල කරන චෝදනාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.