Monday, May 6, 2024

General line - 0115112241

ගෑස් මිල සංශෝධනය අද




ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සියයකින් පමණ ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ, මාසිකව සිදු කෙරෙන මිල සංශෝධනයට අනුවයි.

කෙසේවෙතත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ඉකුත් සිකුරාදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ලිට්‍රෝ ගෑස් නව මිල ගණන් අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බවයි. 

සිදු කිරීමට නියමිත මිල සංශෝධනය හමුවේ දින කිහිපයක සිට වෙළදපොළේ ගෑස් හිගයක් පවතිනවා. ඊට හේතු වී ඇත්තේ මිල සංශෝධනය සිදු කෙරෙන තෙක් අලෙවි නියෝජිතයන් තමන්ට අදාළ ඇණවුම් සිදු නොකිරීමයි.

රට තුළ කිසිදු ගෑස් හිඟයක් නොමැති බවත් ගෑස් හිගය නිර්මාණය වී ඇත්තේ අලෙවි නියෝජිතයන් හේතුවෙන් බවත් ලිට්‍රෝ සමාගම පැවසුවා. කෙසේවෙතත් අද දින නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හෙට සිට වෙළදපොළේ පවතින ගෑස් හිගය පහව යනු ඇති බවද එහි සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් සදහන් කළා.