Monday, May 6, 2024

General line - 0115112241

නෙත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 10 වැන්න සාර්ථකව අවසන්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණ මාලාවේ 10 වැන්න මාතර සුජාතා විද්‍යාලයේදී අද සාර්ථකව අවසන් වුණා.

සිසුන් සදහා වන සම්මන්ත්‍රණය මෙහෙයවනු ලැබුවේ ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින්. මව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මෙහිදී පැවැත්වුණා.

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් මෙම වැඩසටහන එක්වූ සිසුන්ගේ මව්පියන් පළ කළේ මෙවන් අදහසක්. 

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණ මාලාව සදහා මැලිබන්, ගෝල්ඩ් මාරි සහ රාජ්‍ය උකස් හා අයෝජන බැංකුව අනුග්‍රහය ලබා දෙනවා.