Sunday, May 5, 2024

General line - 0115112241

ගෑස් මිල යළිත් ඉහළ යන ලකුණු




දෙසැම්බර් මාසයේදී මෙරට ගෑස් මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති  බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ යුරෝපයේ ගෑස් ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මෙරට ගෑස් මිල ද ඉහළ යා හැකි බවයි.

කෙසේවෙතත් 2024 වන තුරු මෙරට කිසිඳු ගෑස් හිගයක් හෝ ගෑස් පෝළිම් නිර්මාණය වීමට ඉඩ නොතබන බවයි මුදිත පීරිස් මෙහිදී සඳහන් කළේ. 

ගෑස් මිල සූත්‍රයට අනුව අද දිනයේ දී ගෑස් මිල ඉහළ දැමුවේ නම් කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 210 ත් අතර මුදලකින් ඉහළ යාමට තිබූ බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.  

කෙසේවෙතත් අද සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමුවා. 

ඒ අනුව  කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ ගියේ රුපියල් 80 කින්. ඒ අනුව එහි නව මිල රුපියල් 4,360 ක්. කිලෝ ග්‍රෑම් 05 වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,750 ක්. කිලෝග්‍රෑම් 2 යි දශම 3 වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 15 කින් ඉහළ දැමූ අතර එහි නව මිල වන්නේ රුපියල් 815 ක් වනවා.