නොසන්සුන් මනසක් ඇති මිනිසුන් සන්සුන් කළ හැකි එකම මග ථෙරවාදී බුදුදහම බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ථෙරවාදී බුදුදහම ලොව පුරා ප‍්‍රචලිත කිරීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් ද අවශ්‍ය බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ
ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ පොල්ගොල්ල ශ‍්‍රී සාලවන බෝධි විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීම වෙනුවෙන් අද (17) පැවති උත්සවයකදීයි.
මියන්මාරයෙන් වැඩම වන ලද කිරිගරුඬ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් ද එහි තැන්පත් කර තිබෙනවා.