Saturday, January 11, 2025

General line - 0115112241

ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්




අඩුම ටෙස්ට් ක්‍රිකට් තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙලූ දඟ පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය අද නව ලෝක වාර්තාවක් බිහි කළා.

ඔහු මෙම ලෝක වාර්තාව බිහි කළේ අයලන්තය සමඟ දැන් පැවැත්වෙන ටෙස්ට් තරඟයේදීයි.

ප්‍රභාත් ජයසූරිය මෙම ලෝක වාර්තාව බිහි කළේ ටෙස්ට් තරඟ 7කින් කඩුලු 50ක් දවා ගනිමින්. ඔහු විසින් මෙලෙස බිඳ දමන්නේ වසර 71ක් පැරණි ක්‍රිකට් වාර්තාවක් වීමද විශේෂත්වයක්.

මීට පෙර 1952දී බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක ඇල්ෆ් වැලන්ටයින් මෙම වාර්තාව බිහි කර තිබුණා. ඒ, තරඟ 8කින් කඩුලු 50ක් බිඳ හෙළමින්.

ප්‍රභාත් ජයසූරිය අද වාර්තා පොත් අතරට එක් වූයේ ටෙස්ට් පිටියේ අඩුම තරඟ සංඛ්‍යාවකින් කඩුලු 50ක් බිඳ හෙලූ පන්දු යවන්නන් අතර 2වන ස්ථානයේ සම තැනට පත් වෙමින්.

අඩුම තරඟ සංඛ්‍යාවකින් කඩුලු 50ක් බිඳ හෙලූ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියානු  වේග පන්දු යවන ක්‍රීඩක චාලි ටර්නර්.

ඔහු 1888 දී තරඟ 6කින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙළා තිබුණා.  

එමෙන්ම, ප්‍රභාත් ජයසූරිය අද තවත් වාර්තාවක් බිහි කළා.

ඒ, අඩුම තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙළූ පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් වෙමින්. ඔහු මෙලෙස බිඳ හෙලුවේ තරඟ 11කින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙලූ දිල්රුවන් පෙරේරා පිහිටුවා තිබූ වාර්තාවයි.