ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම වෙනුවෙන් කිසිදු පක්ෂයකට තමන් මුදල් ලබා දී නොමැති බව නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසනවා.
එලෙස මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහා කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 50ක මුදලක් විපක්ෂයේ ප්‍රබල දේශපාලන පක්ෂයක් විසින් ලබාගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පැවසුවේ තමන් එලෙස සිදු කර නොමැති බවයි.
අදාළ මුදල ලබාගෙන මන්ත්‍රී ධුරය ලබා නොදුන් බවට කෝටිපති ව්‍යාපාරිකයා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇති බවද එම මාධ්‍ය වාර්තා කර තිබුණා.
එමෙන්ම තමන් ලබා දුන් රුපියල් කෝටි 50ක මුදල යළි ලබාදෙන ලෙසටද එම ව්‍යාපාරිකයා ඉල්ලා ඇති බවයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.
තමන් එලෙස පක්ෂ කාර්යාලයක් වෙත නොගිය බවද නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවා.
නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ද පැවසුවේ සිය පක්ෂ විසින් එලෙස කිසිවෙකුගෙන් මුදල් ලබාගෙන නොමැති බවයි.
ඒ අනුව එල්ල වන එම චෝදනා සිය පක්ෂවලට අදාළ නොවන බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.
නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා යනු සියලු ආගම්වලට ගරු කරන, දුගී දුප්පත් ජනතාවට නිරන්තයෙන් උපකාර කරන, සමාජශීලි පුද්ගලයෙකු බවටයි පැවසෙන්නේ.