රියදුරු බලපත්‍ර, තාවකාලික රියදුරු බලපත්‍ර හා වාහන ලියාපදිංචි පොත් ව්‍යාජව සකස් කර දී මුදල් ලබා ගන්නා ජාවාරමක් අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්.
එම ජාවාරමේ නිරත වූ එක් සැකකරුවෙකු පොලීසිය විසින් මනම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම් හමුවේ ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 19ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ප්‍රශ්න කිරීම් හමුවේ ආනාවරණ වූ තොරතුරු මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය අසල රියදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය අසල ව්‍යාජ බලපත්‍ර සකස් කරන ලද පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් බොරලැස්ගමුව හා නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
සැකකරුවන් සන්තකයේ තිබි රියදුරු බලපත්‍ර කාඩ් 03 ක්, ජංගම දුරකතන 6ක්, පරිගණක යන්ත්‍රයක් හා ඒ සදහා යොදාගත් තවත් ලේඛන කිහිපයක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා මනම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.