Saturday, January 11, 2025

General line - 0115112241

ආසියාතික යොවුන් මළළ ක්‍රීඩා තරගාවලියේ පදක්කම්ලාභීන් දිවයිනට 

ටී කේ ජී කපිල




ආසියාතික වයස අවුරුදු 18 න් පහළ යොවුන් මළළ ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගෙන අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙම ක්‍රීඩකයන් ඇතුළු ශ්‍රී ලාංකික සියලු ක්‍රීඩකයන් සහ කළමනාකරු 05/02 දින අලුයම 12.55 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන්නේ.

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවර පැවති 05 වන වරටත් පැවති මෙම තරගාවලිය ආසියාතික රටවල් 43 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 27 දින පැවති අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 කු අතරින් 04 දෙනෙකුම පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ නිලුපුල් පැහැසර තේනුජ උස පැනීමේ ඉසව්වෙන් සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ තුෂේන් සිල්වා රිටි පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගෙන ඇති අතර නාවලපිටිය , අඹගමුව මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක මීටර් 400 කඩුළු පැන දිවීමේ ඉසව්වෙන් සහ ගම්පොළ වික්‍රමබාහු මහා විද්‍යාලයේ කසුනි වික්‍රමසිංහ මීටර් 800 බාළිකා ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී ඇත.