Saturday, January 11, 2025

General line - 0115112241

 ජුනි 1 වැනිදා සිට  වෙනස් වන ක්‍රිකට් නීති මෙන්න




ක්‍රිකට් ක්‍රීඩාවේ තරග නීති 3ක් සංශෝධනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර  තිබෙනවා.

මෙම තරඟ නීති තුන ලබන ජුනි මස පළමු වනදා සිට බලපැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව  පන්දු රකින්නෙක් උඩපන්දුවක් රැකගත් බව අපැහැදිලි නම් එය තෙවන විනිසුරුට යොමු කිරීමේදී ඊට අදාළව පිටියේ විනිසුරු සිදු කරන සංඥාව මින් ඉදිරියට භාවිතා නොකරයි.

තවද අධි අවදානම් අවස්ථාවන්හීදී හිස් ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම සහා නිපන්දුවකින් පසුව ලබාදෙන ෆ්‍රී හිට් අවස්ථාවේදී පිතිකරුවෙකු පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදුණු විට එහිදී ලබාගන්නා ලකුණු පිතිකරුවා වෙත ලබාදීමට ක්‍රිකට් කමිටුව තීරණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2023 ජුනි 1 වැනිදා එංගලන්තය සහ අයර්ලන්තය අතර පැවැත්වෙන ලෝඩ්ස් ටෙස්ට් තරගයත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ තරග නීති 3 වෙනස් වෙනු ඇති