Saturday, January 11, 2025

General line - 0115112241

අයර්ලන්ත ක්‍රීඩකයෙකු නිසා ක්‍රිකට් ලොව කෝලිගේ තැන නැතිවෙයිද ?




ඉතිහාසයේ පළමු වරට අයර්ලන්ත කණ්ඩායමින් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමක පළමු ස්ථාන 10 ට පැමිණ තිබෙනවා.

එම දස්කම දක්වා ඇත්තේ 23 හැවිරිදි නවක පිතිකරු හැරී ටෙක්ටයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ එක්දින පිතකරු ශ්‍රේණිගත කිරීමේ 07 වන ස්ථානයට ඔහු පත්ව තිබීම විශේෂත්වයක්.

හැරී ටෙක්ටර්ට ප්‍රසාද ලකුණු 722 ක් ලැබී ඇති අතර අයර්ලන්ත පිතිකරුවෙකුට එක්දින ශ්‍රේණිගත කිරීමකදී හිමිවූ ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවද එයයි.

බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරඟාවලියේදී දැක්වූ දක්ෂතා මත ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට හේතුවුණා.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ලොව සුපිරි පිතිකරුවෙකු වන විරාත් කෝලි ද අභිබවා යමින් ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමයි.

මේ අතර නවතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 45 තුළ කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු ඇතුලත් නොවීමද කැපී පෙනෙන තත්ත්වයක්.

46 වන ස්ථානයේ සිටින්නේ චරිත් අසලංකයි.