Saturday, January 11, 2025

General line - 0115112241

පංජාබ් කණ්ඩායම පැරදූ රාජස්ථාන් කණ්ඩායමට IPL ජයක්




ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ රාත්‍රියේ පැවති තරගය කඩුළු 04කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 187ක් රැස්කළා. එහිදී සෑම් කැරන් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 49ක්. ජිටෙෂ් ෂර්මා ලකුණු 44යි. පන්දු යැවීමේදී නව්දීප් සයිනි ප්‍රතිවාදී කඩුළු 03ක් බිද හෙළුවා. 

ජයග්‍රාහී ලකුණු 188ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුළු 06ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළේ අවසන් පන්දුවාරයේ තවත් පන්දු 02ක් ඉතිරිව තිබියදියි.

දේව්දත් පඩික්කාල් පන්දු 30කදී් ලකුණු 51ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 06 පහර 03ක් සහ 04 පහර 05ක් ඇතුළත් වුණා. යෂස්වි ජෙෂ්වාල් ලකුණු 50යි. පන්දු යැවීමේදී කගීිසෝ රබාඩා කඩුළු 02ක් බිද හෙළුවා.