Saturday, January 11, 2025

General line - 0115112241

චමරි අතපත්තුගෙන් තවත් වාර්තාවක්




ලොව අංක එකේ එක්දින පිතිකාරිණිය වන චමරි අතපත්තු අද විස්සයි 20 නව ක්‍රිකට් වාර්තාවක් බිහිකළා.

ඒ නවසීලන්තයට එරෙහි තුන්වන විස්සයි 20 ක්‍රිකට් තරගයේදීයි.

එහිදී චමරි අතපත්තු පන්දු 25කදී අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් පන්දුවාර 20 පිටියේ වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලබාගැනීමට සමත් වුණා.

දෙරට අතර පැවති තුන්වන විස්සයි 20 එම තරඟය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළේ කඬුලු 10 කින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුලු 09 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 140 ක්.

එහිදී ඉනෝකා රණවීර ප්‍රතිවාදී කඬුලු 03 ක් බිඳ හෙලුවා. 

ජයග්‍රාහී ලකුණු 141 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර 14 යි පන්දු 3 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 143 ක් රැස්කරමින් තරඟය ජය ගනු ලැබුවා.

එහිදී චමරි අතපත්තු නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 80 ක්.

පන්දු 47 කට මුහුණ දුන් චමරිගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හකරේ පහර 13 ක් ඇතුලත් වුණා.

චමරි අතපත්තු සමඟ පිටියට පිවිසි හර්ෂිතා සමරවික්‍රම නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 49 ක්.

තරඟය පැවැත්වුණේ කොළඹ පී. සරවණමුත්තු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.