Saturday, January 11, 2025

General line - 0115112241

ප්‍රභාත් ජයසූරිය පළමුවරට ලොව හොඳම පන්දු යවන්නන් 10 දෙනා අතරට




ලොව හොඳම ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන් 10 දෙනා අතරට ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය ඇතුළත් වී තිබෙනවා.

ඒ, පකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දැක්වූ දක්ෂතා මතයි.

ඒ අනුව ඔහු ස්ථාන 07 ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ප්‍රභාත් ජයසූරිය පසුවන්නේ 07 වන ස්ථානයේයි.

නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ 24 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ධනංජය ද සිල්වා සමත් වී තිබෙනවා. 

සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙනවා.

සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන පකිස්තානය කඩුළු 05 කට ලකුණු 576 ක් රැස් කර ගෙන සිටියදී සිය ඉනිම අත්හිටවූවා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 410 ක් ඉදිරියෙන් පසුවුණා.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 166 ක් පමණයි.

ඔවුන් සිය දෙවෙනි ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 71 ක් රැස්කර ගෙන සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකාව  පකිස්තානය වඩා තවත් ලකුණු 339 ක් පිටුපසින් සිටිනවා.