Saturday, January 11, 2025

General line - 0115112241

තහනම ඉවත් කර ගැනීමට මෙරට පාපන්දු බලධාරීන් සමඟි වෙයි




මේ වසරේ ජනවාරි මස 21වනදා ලෝක පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කළා.

කෙසේ වෙතත් මෙරටට යම් සහනයක් ලබා දෙමින් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දෙන බවයි ලෝක පාපන්දු සම්මේලනය විසින් ඉකුත් සතියේ මෙරටට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව, ඒ පිළිබඳ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජශ්වර් උමාර් සඳහන් කළේ පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරඟ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නම් සැප්තැම්බර් මස අවසන් සතිය වන විට  පාපන්දු නිලවරණය පැවැත්විය යුතු බවයි. 


මෙරටට පනවා ඇති තහනම ඉවත් කර ගැනිමට නම් ව්‍යවස්ථානුකූලව පාපන්දු නිල වරණය පැවැත්විය යුතු බවයි හිටපු සභාපති ජශ්වර් උමාර් මෙහිදී සඳහන් කළේ.

ඒ අනුව, ඡන්ද විමසිමකින් තොරව සියලු දෙනාගේ එකඟත්වයෙක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහා නිලධාරීන් පත් කර ගැනිමට සියලු දෙනා එකඟ වූ බවද  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ජශ්වර් උමාර් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.