Saturday, January 11, 2025

General line - 0115112241

2023 LPL ශූරතාවය බී ලව් කැන්ඩි කණ්ඩයමට




​​​​​ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශූරතාවය දිනා ගැනිමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

තරගාවලියේ අවසන් මහා තරගය බී ලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල අවුරා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට තීරණය කළා.

ඒ අනුව පිටියට පැමිණි දඹුල්ල අවුරා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් ධනංජයද සිල්වා පන්දු 29කදී ලකුණු 40ක් රැස් කළ අතර සදීර සමරවික්‍රම පන්දු 30කදි ලකුණු 36ක් ලබා ගත්තා.

කුසල් පෙරේරා නොදැවී ලකුණු 31 ක් රැස් කළා.

පන්දු යැවීමේදී බී ලව් කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් චතුරංගද සිල්වා කඩුලු 2ක් ලබා ගත්තා.

ඒ අනුව, ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5කදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහි ඉලක්කය සපුරා ගත්තා. 

බී ලව් කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ලකුණු 44ක් රැස් කළා. ඇන්ජලෝ මැතිවුස් නොදැවි ලකුණු 25ක් රැස් කළා.

ඒඅනුව, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වරට ශූරතාවය දිනා ගැනිමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිදු හසරංගගේ ආබාද තත්ත්වය හේතුවෙන් නායකත්වයේ වගකීම පැවරුණේ ඇන්ජලෝ මැතිවුස් වෙතයි.

තරගයේ විරයා සමමානය ඇන්ජලෝ මැතිවුස් දිනා ගත් අතර තරගාවලියේ විරයා සම්මානය බී ලව් කැන්ඩි කණ්ඩායමේ වනිදු හසරංග හිමි කර ගත්තා.