Saturday, January 11, 2025

General line - 0115112241

ICC එක්දින ශේණිගත කිරීමෙන් පළමු තැන පකිස්තානයට




ලොව අංක එකේ එක්දින ක්‍රිකට් කණ්ඩායම බවට පත්වීමට පකිස්තානය සමත් වී තිබෙනවා. 

ඒ, ඇෆ්ගනිස්තානය සමග ශ්‍රී ලංකාවේදී පැවති එක්දින තරගාවලිය 3 ට 0ක් ලෙස ජය ගැනීමත් සමගයි.

 ඊයේ රාත්‍රියේ පැවති අවසන් එක්දින තරගය ජය ගත්තේ ලකුණු 59කින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්තානය කඩුලු 8 කට ලකුණු 268 ක් රැස් කලා.

 පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඇෆ්ගනිස්තානයට රැස් කර ගත හැකි වූයේ ලකුණු 209ක් පමණයි. 

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මුජීබ් උර් රෙහෙමාන් පන්දු 37කදී ලකුණු 64ක් රැස් කලා. ඔහු අර්ධ ශතකය රැස් කලේ පන්දු 26කින්. 

එය වාර්තා පොත් අතරට එක්වූයේ ඇෆ්ගනිස්තාන පිතිකරුවෙකු එක්දින පිටියේ වාර්තා කල වේගවත්ම අර්ධ ශතකය ලෙසටයි. 
 

මෙම ජයත් සමග පකිස්තානය ලොව අංක එකේ එක්දින කණ්ඩායම බවට පත්වන්නේ ආසියානු කුසලානය ආරම්භ වීමට තවත් දින 03ක් හා එක්දින ලෝක කුසලානය ආරම්භ වීමට මාසයකට ආසන්න කාලයක් තිබියදී වීම විශේෂත්වයක්.