Saturday, January 11, 2025

General line - 0115112241

වනිදු නැතුව දිනන්න පුළුවන් පුළුවන් ?

කමල් සුරවීර




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරඟය අද පස්වරු 3 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. 

ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. එම කණ්ඩායම් දෙකම මෙම තරඟයට එක්වන්නේ ප්‍රධාන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු නොමැතිවයි. 

ආබාධ හේතුවෙන් දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, ලහිරු කුමාර සහ දිල්ෂාන් මධුෂංක ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වුණේ නැහැ. බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලිට්න් දාස් ද ආබාධයක් හේතුවෙන් අද තරඟයට එක් නොවන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. 

අද තරඟයට ඇති සූදානම පිළිබඳ   ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.

බංග්ලාදේශයේ අභියෝගය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

මේ අතර ආසියානු ක්‍රිකට් තරගාවලියේ සෙසු තරඟ සඳහා සහභාගී වීමට පාකිස්තාන සහ නේපාල ක්‍රිකට් කණ්ඩායම් අද උදෑසන දිවයිනට පැමිණියා. 

 

සැප්තැම්බර් 02 වනදා පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගයත්, සැප්තැම්බර් 04 වනදා ඉන්දියාව සහ නේපාලය අතර තරගයත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.