Saturday, January 11, 2025

General line - 0115112241

වැස්සට නතර වූ ඉන්දු - නේපාල තීරණාත්මක තරඟය යළි අරඹයි




වර්ෂාව හේතුවෙන් නතර කෙරුණු ඉන්දියාව සහ නේපාලය අතර පැවැත්වෙන තරඟය මීට නොබෝ වේලාවකට පෙර යළි ආරම්භ කෙරුණා. 

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ මෙම තරඟය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේදීයි. 

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දෙන නේපාල කණ්ඩායම මිට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 40ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 184ක් රැස්කර ගෙන සිටියා.

 ආසිෆ් ෂෙයික් ලකුණු 58ක් රැස් කළා. පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා සිය පන්දු වාර 10 තුළ ලකුණු 40 ලබා දෙමින් බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 03ක්.

 මොහොමඩ් සිරාජ් කඩුලු 2යි. 
 

මෙම තරඟය ඉන්දියාවට මෙන්ම නේපාලනයටද අතිශය තීරණාත්මකයි.

 තරඟයෙන් පරාජයට  පත්වන කන්ඩායමට ආසියානු කුසලානයෙන් ඉවත් වීමට සිදු වනවා. 

යම් හෙයකින් වර්ෂාව හේතුවෙන් තරඟය අතහැර දැමුණහොත් ඉන්දියාවට සුපර් ෆෝ වටයට සුදුසුකම් ලැබීමට හැකි වනවා.