Friday, January 10, 2025

General line - 0115112241

ඇෆ්ගනිස්තානයට එරෙහි ලෝක කුසලාන තරඟයේදී ඉන්දියාවෙන් ලෝක වාර්තා දෙකක්




ඇෆ්ගනිස්තානය සමඟ ඊයේ රාත්‍රියේ පැවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 09 වන තරඟයේදී ඉන්දීය නායක රෝහිත් ශර්මා නව ලෝක වාර්තා දෙකක් බිහි කළා.

ඒ, ලෝක කුසලාන තරඟ බිමේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරු බවට පත්වෙමින්. ඊයේ තරඟයේදී රෝහිත් ශර්මා ශතකයක් රැස්කළා.

ඒ අනුව ඔහු ලෝක කුසලාන බිමේ රැස්කරගෙන ඇති සමස්ථ ශතක සංඛ්‍යාව 07 ක්. රෝහිත් ශර්මා මෙලෙස ඊයේ බිඳහෙලුවේ ශතක 06 ක් රැස්කරමින් සචින් ටෙන්ඩුල්කාර් බිහිකර තිබූ වාර්තාවයි.

මෙම ශතකයත් සමඟ එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ 03 න් වන ක්‍රීඩකයා බවට රෝහිත් ශර්මා පත්වුණා. ඔහු රැස්කළ සමස්ථ ශතක සංඛ්‍යාව 31 ක්.

ඉන් 29 ක්ම රැස්කර ඇත්තේ ආරම්භක පිතිකරුවා ලෙසයි. ඒ අනුව ආරම්භක පිතිකරුවෙකු ලෙස දෙවන වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරු බවටද ශර්මා පත්වුනා.

ඒ, ශතක 28 ක් රැස්කරමින් සනත් ජයසූරිය පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙලමින්. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ලකළ පිතිකරුවා බවටද රෝහිත් ශර්මා ඊයේ පත්වුණා.

ඒ, හයේ පහර 553 ක් එල්ලකරමින් ක්‍රිස්ගේල් බිහිකර තිබූ වාර්තාව බිඳ හෙලමින්. රෝහිත් ශර්මා එල්ලකර ඇති හයේ පහර සංඛ්‍යාව 556 ක්.

මීට අමතරව ඊයේ තරඟයේදී රෝහිත් ශර්මා සිය ශතකය රැස් කළේ පන්දු 63 කින්. එය සැලකුනේ ලෝක කුසලාන තරඟ ඉතිහාසයේ ඉන්දිය පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙසයි.