අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතා පත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත් කිරීම සිදු කර ඇති බවයි එම කොමිෂන් සභාව නිවේදනය කළේ.
මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධක්‍ෂ ජනරාල් ලෙස සේවය කළ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් කේ ඩී විජේරත්න මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 07 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා.
ඉන් අනතුරුව නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු පත් කරන තෙක් එම ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා එම කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් එම් ආර් වයි කේ උඩවෙල මහත්මිය පත් කෙරුණා.
ඇය විසින් නඩු ගොනු 62කට අදාළ අධි චෝදනා පත්‍ර සකස් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ කටයුතු සිදු කර ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.