Friday, January 10, 2025

General line - 0115112241

ලෝක කුසලානයේ විශේෂිතම තරඟය අද




මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අතිශය උණසුම්ම තරඟය ලෙස සැලකෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය අද පැවැත්වෙනවා.

ඒ, ඉන්දියාවේ අහමදාබාද් ක්‍රීඩාංගනයේදියි. ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ දෙරට අතර තරඟ 07ක් පවත්වා ඇති අතර එම සියලු අවස්ථාවල ජය හිමි වී ඇත්තේ ඉන්දියාවටයි. 


මෙවර තරඟාවලියේ තමන් සහභාගි වූ තරඟ දෙකම ජය ගෙන ඉන්දියාව සහ පාකිස්ථානය ප්‍රසාද ලකුණු 4 බැඟින් රැස්කරගෙන සිටිනවා.

කෙසේවෙතත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත ඉන්දියාව 3න්වන ස්ථානයේත්, පකිස්ථානය 4වන ස්ථානයේත් පසු වනවා.

අද තරඟයේදී කණ්ඩායම් දෙකේම යම් වෙනස්කම් කිහිපයක් සිදු විය හැකි බවත් එය තණතීරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගනු ඇති බවත් වාර්තා වනවා.

ඉන්දු - පකිස්ථාන මෙම තීරණාත්මක තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 2ට ආරම්භ විමට නියමිතයි. 


මේ අතර, ඉන්දු - පකිස්ථාන මෙම තීරණාත්මක තරඟය පිළිබඳ නෙත් ස්පෝස්ට්මන් සකස් කළ විශේෂ වීඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවේ සහ නෙත් ස්පෝට්ස්මන් ෆේස්බුක් පිටුවේ ඇතුළත්. 


මේ අතර, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශය සමඟ පැවති තරඟයෙන් නවසීලන්තය කඩුලු 08ක ජයක් වාර්තා කළා.

එය නවසිලන්තය මෙවර තරඟාවලියේ අඛණ්ඩව ලැබූ 3න්වන ජයග්‍රහණයයි. 


තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 245ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසිලන්තය පන්දු වාර 42යි පන්දු 05ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 248ක් රැස්කරමින් තරඟය ජය ගත්තා.