එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය දැන් පැවැත්වෙනවා.
ඒ, ඉන්දියාවේ ලක්නව් හිදීයි.
මෙරට එක්දින ඉතිහාසයේ 26 වන නායකයා ලෙස පත්වූ කුසල් මෙන්ඩිස් සමඟයි ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට පිවිසියේ.
ආබාධයන්ට ලක්වූ දසුන් ශානක හා මතීෂ පතිරණ වෙනුවට චාමික කරුණාරත්න හා ලහිරු කුමාර අද තරඟයට එක්ව සිටිනවා.
ඔස්ට්‍රේලියාව කිසිදු වෙනසකින් තොරවයි අද තරඟයට එක්ව සිටින්නේ.
තරගයේ කාසියේ වාසි දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා.
එම තීරණයට සාධාරණයක් ඉටුකල ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගල වූ කුසල් ජනිත් පෙරේරා හා පැතුම් නිශ්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක සබදතාවක් ගොඩ නැගුවා.
කුසල් ජනිත් සිය 16වන එක්දින අර්ධ ශතකය රැස් කරමින් ලකුණු 78ක් ලබා ගත්තා.
මෙම තරඟාවලියේ අඛණ්ඩ සිය දෙවන අර්ධ ශතකය රැස් කල පැතුම් දැවී ගියේ ලකුණු 61කටයි.
කෙසේවෙතත් ඉන් පසුව ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 08 ලකුණු 52කට බිද වැටීම කැපිී පෙනෙන සිද්ධියක්.
චරිත් අසලංක ලකුණු 25ක් රැස් කලද සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට නොහැකි වුණා.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇඩම් සම්පා ලකුණු 47කට කඩුලු 04ක් බිද හෙලුවා.