Friday, January 10, 2025

General line - 0115112241

 ලෝක කුසලානය මැද ඉන්දියාව සහ පාකිස්තානය ඇවිලෙයි




ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා අලුත් කතා බහක් මතුව තිබෙනවා. ඒ, ක්‍රීඩකයින් දක්වන දක්ෂතා පිළිබද නොව ඉන්දියාව තරගාවලිය පවත්වන ආකාරය සම්බන්ධයෙන්. 


මෙම කතා බහේ උණුසුම වැඩිකිරීමට දැන් හේතුවී ඇත්තේ පකිස්ථාන කණ්ඩායමේ අධ්‍යක්ෂ මිකී ආතර් සිදු කල ආන්දෝලනාත්මක ප්‍රකාශයයි.

ඉන්දු පකිස්ථාන තරගය අවසානයේ පකිස්ථාන කණ්ඩායමේ අධ්‍යක්ෂ ප්‍රශ්ණ කර තිබුණේ මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලික්ද නැතහොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තරගාවලියක් ද යන්න පිළිබදයි. 


ඉන්දු - පකිස්ථාන තරගයට පෙර විශේෂිත වූ ඉන්දීය ප්‍රසංගයක් පැවැත්වීම, පකිසාථාන ප්‍රේක්ෂකයින්ට මෙන්ම මාධ්‍යවේදීන්ට තරගය නැරඹීමට අවස්ථාව නොලැබීම වැනි කරුණු ඔහුගේ දැඩි විවේචනයට ලක්ව තිබුණා.

වීසා ලබා නොදීම හේතුවෙන් පකිසාථානයේ සිටින ප්‍රේක්ෂකයින්ට මෙන්ම මාධ්‍යවේදීන්ට ද තරගය නැරඹීමේ අවස්ථාව ඇහිරී ගිය බවත් ඒක පාර්ශවික ප්‍රේක්ෂකාගාරයක් මැද තරග වැදීමට සිදු වූ බවත් පකිස්ථාන කණ්ඩායමේ අධ්‍යක්ෂ පවසා තිබුණේ. 

කෙසේවෙතත් පකිස්ථාන කණ්ඩායමේ අධ්‍යක්ෂ මිකී ආතර්ගේ විවේචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද අදහස් දක්වා තිබෙනවා.

ඔක්තෝබර් 14 වනදා අහමදාබාද්හිදී පැවති ඉන්දියාව සහ පකිස්ථානය ලෝක කුසලාන තරඟය ”ද්විපාර්ශ්වික තරඟයක්” ලෙසයි පකිස්ථාන කණ්ඩායමේ අධ්‍යක්ෂ මිකී ආතර්ගේ විවේචනය පිලිතුරු දෙමින් ICC ය පවසා ඇත්තේ.

මෙම සිදුවීම එක් තරගයක් පමණක් බවත් සමස්ත දේ සිදු වන්නේ කෙසේදැයි බලා සිටින ලෙසත් ෂක්‍ක්‍ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ පවසා තිබෙනවා.


මේ අතර ක්‍රීඩා මාධ්‍ය අද වාර්තා කර ඇත්තේ ඉන්දු පාකිස්තාන තරඟය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිල්ලක් යොමුකර ඇති බවයි.

ඒ, තරඟය අතරතුර ඉන්දිය ප්‍රේක්ෂකයින්ගෙන් එල්ලවූ බලපෑම් උපුටා දක්වමින්.

]පාකිස්තාන නායකයා කාසියේ වාසිය උරගාබලන අවස්ථාවේ, මොහොමඩ් රිස්වාන් පන්දුවට පහර දෙන අවස්ථාවේ හා හසන් අලි පන්දු රකින අවස්ථාවේ ඉන්දිය ප්‍රේක්ෂකයින් විවිධ බලපෑම් කළ බවටයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය චෝදනා කරන්නේ.

ජාත්‍යන්තර තරඟාවලියක් තුළ සෑම කණ්ඩායමකටම සමාන තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීමට ඉඩ ලැබිය යුතු බව පාකිස්තානය වැඩිදුරටත් පවසා තිබෙනවා.