Friday, January 10, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන තීරණාත්මක තරඟය අද නෙදර්ලන්තය සමඟ




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තීරණාත්මක තරඟය අද පැවැත්වෙනවා. ඒ, නෙදර්ලන්ත කණ්ඩායම සමඟයි. කණ්ඩායම් දෙකම එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක හමුවන පළමු අවස්ථාව මෙය වනවා. 


තරඟාවලියේ මේ දක්වා කිසිදු ජයග්‍රහණයක් ලබාගෙන නොමැති එකම කණ්ඩායම ශ්‍රී ලංකාවයි. නෙදර්ලන්තය ඉකුත්දා දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඓතිහාසික ජයක් වාර්තා කළා.

එබැවින් මෙතෙක් සහභාගී වූ තරඟ තුනම පරාජයට පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරඟය අතිශය වැදගත් වනවා. 


මේ අතර, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සමග පැවති තරගයෙන් තීරණාත්මක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ්‍රලියාව කඩුළු 09ක් දැවී ලකුණු 367ක් රැස් කලා. එහිදී ඩේවිඩ් වෝනර් ලකුණු 163ක් හා මිචෙල් මාෂ් ලකුණු 121ක් රැස් කලා.

ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සබදතාව ලකුණු 259ක්. එය ඉතිහාසගත වුණේ ලෝක කුසලාන එක්දින පිටියේ වාර්තා වූ දෙවන ඉහලම සබදතාව ලෙසයි.

එහි ලෝක වාර්තාව 2011 වසරේ සිට තවමත් පවතින්නේ ශ්‍රී ලංකාව සතුවයි. 


ඒ, ටී එම් ඩිල්ෂාන් හා උපුල් තරංග බිහිකල ලකුණු 282කේ වාර්තාවයි. එමෙන්ම වෝනර් - මාෂ් සබදතාව වාර්තා පොත් අතරට පිවිසියේ ලෝක කුසලාන තරගයක පකිස්ථානයට එරෙහිව වාර්තා වූ  ඉහලම ලකුණු සබදතාව ලෙසයි.

එමෙන්ම තරගයේ වාර්තා වූ ලකුණු 367 වාර්තා වූයේ ලෝක කුසලානයක පකිස්ථානයට එරෙහිව රැස්කල ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඔවුන් මෙලෙස බිද දැමුවේ මෙම තරගාවලියේදීම ශ්‍රී ලංකාව ලකුණු 344ක් රැස් කරමින් බිහිකර තිබූ වාර්තාවයි. මෙම තරගයේදී ශතකයක් රැස් කල මිචෙල් මාෂ්ගේ 32වන උපන් දිනය ඊයේ යෙදී තිබූ අතර උපන් දිනයදා ලෝක කුසලානයක ශතකයක් රැස්කල දෙවන පිතිකරුවා වූයේ ඔහුයි.

මීට පෙර නවසීලන්තයේ රොස් ටේලර් ද මෙලෙසම සිය 27වන උපන් දිනයදා ලෝක කුසලාන ශතකයක් රැස් කර තිබුණා.


ලකුණු 368ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානයට පන්දුවාර 45යි පන්දු 03ක් තුල සියලු දෙනා දැවී රැස්කලේ ලකුණු 305ක් පමණයි. ඒ අනුව ලකුණු 62කින් තරගය ජය ගත් ඔස්ටේ්‍රලියාව ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.