Friday, January 10, 2025

General line - 0115112241

මෙවර ලෝක කුසලානයේ අපරාජිතයින් තෝරන එකම තරගය අද




මෙවර ලෝක කුසලානයේ මෙතෙක් පැවැති තරග අතරින් සුවිශේෂි තරගයක් අද පැවැත්වෙනවා.

ඒ, මෙතෙක් අපරාජිත ගමනක පැමිණි කණ්ඩායම් දෙකක් අතරයි.

ඒ අනුව අද පිටියට පිවිසෙන්නේ සත්කාරක ඉන්දියාව හා නවසීලන්තයයි.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන නවසීලන්තය හා දෙවන ස්ථානයේ පසුවන ඉන්දියාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 08ක්.

ඒ, ඔවුන් මෙතෙක් සහභාගී වූ තරග 04ම ජය ගෙන තීබීම හේතුවෙන්.

මෙවර තරගාවලියේ කිසිදු තරගයක් පරාජයට පත්ව නොමැති එකම කණ්ඩායම් දෙක වන්නේ ද ඉන්දියාව හා නවසීලන්තයයි.

ඒ අනුව අද තරගය මෙවර තරගාවලියේ අපරාජිතයින් තෝරන එකම තරගය වනු ඇති.

නවසීලන්ත - ඉන්දියා ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම වාසි අත් කර ගෙන ඇත්තේ නවසීලන්තයයි.

ඒ, 1992 වසරේ සිට ගත් කල නවසීලන්තය, ඉන්දියාව හමුවේ පරාජයට පත්ව ඇත්තේ එක් තරගයක් පමණක් වීම හේතුවෙන්.