Thursday, January 9, 2025

General line - 0115112241

ආසියානු යොවුන් කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට




වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා.

ඒ, බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීමත් සමඟයි. 

ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟය බංග්ලාදේශය ජයගන්නේ කඬුලු 6 කින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඬුලු 9 ක් දැවී රැස් කළේ ලකුණු 200 ක් පමණයි.

එම ඉලක්කය 41 වන පන්දුවාරයේදී කඬුලු 4 ක් පමණක් දැවී පසුකර යාමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකාව ජයගත්තේ එක් තරඟයක් පමණයි.

ඒ, ජපානයට එරෙහිවයි.

බංග්ලාදේශය හමුවේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ද ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.

ඒ අනුව  කාණ්ඩයෙන් පාකිස්තානය සහ ඉන්දියාවත්, ඊ කාණ්ඩයෙන් බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

අවසන් පූර්ව තරඟ දෙකම හෙට පැවැත්වීමට නියමිතයි.