Thursday, January 9, 2025

General line - 0115112241

කුසලාන -5ක් දිනූ ඉන්දීය ක්‍රිකට් නායකයා ගැන ආන්දෝලනාත්මක තීරණයක්




එළඹෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයෙන් රෝහිත් ෂර්මා ඉවත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ වෙනුවට මුම්බායි කණ්ඩායමේ නායකත්වය පත්කිරීමට සූදානම් වන්නේ ගුජරාට් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යායි.

පාණ්ඩ්‍යා කලක් මුම්බායි කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකුව සිටි අතර පසුව ගුජරාට් කණ්ඩායමේ නායකත්වට පත්වුණා.

ඔහු නායකත්වය දුන් පළමු තරගාවලියේදීම අයි පී එල් ශූරතාව දිනාගැනීමට ගුජරාට් පිල සමත් වූ අතර දෙවන තරගාවලියේදී ඔවුන් අනු ශූරතාව දිනා ගත්තා. 

කෙසේවෙතත් මෙවර තරගාවලියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙමින් හර්දික් පාණ්ඩ්‍යා යලි මුම්බායි පිල හා එක් වන අතර දැන් වාර්තා වන්නේ ඔහු එහි නායකත්වයටද පත් කරන බවටයි.

වත්මන් ඉන්දීය කණ්ඩායමේ නායකයා වන රෝහිත් ශර්මා මුම්බායි කණ්ඩායම වෙනුවෙන් අයි පී එල් ශූරතා 05ක් දිනා දී තිබෙනවා.

ඔහු සැලකෙන්නේ මහේන්ද්‍ර සිං දෝණිගෙන් පසු අයි පී එල් ඉතිහාසයේ සාර්ථකම නායකයා ලෙසයි.

ශර්මාගේ නායකත්වයෙන් මුම්බායි පිල 158කට සහභාගී වී ඉන් තරග 87ක් ජයගෙන තිබෙනවා.

නායකත්වයෙන් ඉවත් කෙරුණද රෝහිත් ශර්මා තවදුරටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩා කරනු ඇති බවටයි වාර්තා වන්නේ.