ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග ඇතුළු සාමාජිකයින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද හමුවුණා.
ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේදීයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණු සනත් ජයසූරියද එම අවස්ථාවට එක්ව තිබෙනවා.
උපායශීලි සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ජයග්‍රාහී මාවතකට රැගෙන ඒම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද එහිදි දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සදහන් කළේ.