Friday, December 27, 2024

General line - 0115112241

LPL තහනම් වූ දඹුල්ල පිලේ ක්‍රීඩකයින් ගැන තීරණයක්




LPL ක්‍රිකට් තරඟාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය අහිමි කළද එම කණ්ඩායම තරඟාවලියට එක් කර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

කෙසේවෙතත් එම කණ්ඩායමට තරඟාවලියට එක් වීමට අවස්ථාව හිමි වන්නේ නව හිමිකරුවෙකු සමගයි.

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය අහිමි කළද කණ්ඩායමට හෝ ඒ සඳහා තෝරා ගත් ක්‍රීඩකයින්ට බලපෑමක් සිදු නොවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

නව හිමිකරුවෙකු සොයා ගන්නා තෙක් කණ්ඩායම කළමනාකරණය කිරීම සිදු කරන්නේ LPL සංවිධායකයින් වන IPG සමූහය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.

ඔවුන් පැවසුවේ දඹුල්ල කණ්ඩායම සඳහා නව හිමිකරුවෙකු සොයාගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

කණ්ඩායමේ හිමිකාරීත්වය අහිමි කළද ක්‍රීඩක වෙන්දේසියෙන් තෝරා ගත් ක්‍රීඩකයින්ගේ වටිනාකම අඩු නොවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.