Thursday, December 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් 14 දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි




ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 09 දෙනෙක් අද (05) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත  සිය අක්ත පත්‍ර භාර දුන්නා.

නවසීලන්තය, සයිප්‍රස් ජනරජය, මාලදිවයින, සියෙරා ලියොන් ජනරජය සහ මොරිෂස් ජනරජය සඳහා නව 
මහකොමසාරිස්වරුන් ද ගෝතමාලා ජනරජය, ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එස්තෝනියා ජනරජය, ලාඕස් මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොලොම්බියා ජනරජය, තුර්කි ජනරජය, අයර්ලන්තය, හෙලනික් ජනරජය (ග්‍රීසිය) සහ බල්ගේරියානු ජනරජය සඳහා නව තානාපතිවරුන් ද මෙලෙස පත්ව සිටිනවා.

මෙම නව මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් පිළිගැනීම සඳහා කෙටි උත්සවයක් කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබුණා.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයද මෙම අවස්ථාවට එක්ව සිටියා.

අක්ත පත්‍ර භාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරු සමඟ සුහද කථා බහකට ද එක් වුණා.