2025 චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාලසටහන ඉන්දියාවේ බලපෑම හේතුවෙන් වෙනස් කිරීමට සිදුවීම පිළිබඳ මේ වන විට ක්‍රීඩා ක්ෂේත්රයේ කතාබහක් මතුව තිබෙනවා.
මෙම තරඟාවලියේ සත්කාරක රාජ්‍යය වන්නේ පකිස්තානයයි.
එහෙත් තරඟාවලිය සඳහා පකිස්තානයට යාම ඉන්දියාව ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඉන්දියාව සහභාගී වන සියලු තරඟ ඩුබායිහිදී පැවැත්වීමටයි දැන් තීරණය කර ඇත්තේ.
යම් හෙයකින් ඉන්දියාව තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියහොත් එම තරඟයද ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවහොත් එම තරඟයද පැවැත්වෙන්නේද ඩුබායිහිදීයි.
රටවල් 08ක් තරඟාවලියට එක්වන අතර සෙසු සියලු රටවල් තමන් මුහුණ දෙන තරඟවලට එක් වන්නේ පකිස්තානයේදීයි.
මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුණේ නැහැ.