Thursday, December 26, 2024

General line - 0115112241

නත්තල සමරමින් සිටි යුක්‍රේනයට රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්




මිලියන සංඛ්‍යාත යුක්‍රේන ජාතිකයින් පිරිසක් නත්තල් දිනය සමරමින් සිටියදී රුසියාව දරුණු මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

මිසයිලවලට අමතරව ඩ්‍රෝන ප්‍රහාරයක්ද එල්ල කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේන වාර්තාවලට අනුව එල්ල කර ඇති මිසයිල ප්‍රහාර සංඛ්‍යාව 70කට අධිකයි. 

ඩ්‍රෝන ප්‍රහාරද 100කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර තිබෙනවා. 

එල්ල වූ මිසයිල ප්‍රහාර 50කට වැඩි සංඛ්‍යාවක් ව්‍යර්ථ කළ බවයි යුක්‍රේනය පවසන්නේ. 

ප්‍රහාරය රුසියාව විසින් තහවුරු කර ඇති අතර යුක්‍රේනයේ බලශක්ති පද්ධතියක් ඉලක්ක වී තිබුණා.  
මේ අතර නත්තල් දා සිදුවූ තවත් ඛේදවාචකයක් කසකස්තානයෙන් වාර්තා වුණා. 

ඒ, පුද්ගලයින් 70 දෙනෙකු රැගත් ගුවන් යානයක් හදිසියේ කඩා වැටීමත් සමගයි. අසර්බයිජාන් ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර කුරුල්ලන් රංචුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටද වාර්තා පළ වනවා. 

මියගිය පිරිස තහවුරු වී නැතත් අවම වශයෙන් 30 දෙනෙකු හෝ දිවි ගලවාගෙන ඇතැයි අසර්බයිජාන් බලධාරීන් පවසනවා.