Friday, November 8, 2024

General line - 0115112241

SAITM ‘පක්ෂ විපක්ෂ‘ දෙපිරිසක් ගැටේ..! 03ක් රෝහලේ




සයිටම් ආයතනය රත්නපුරයේ පැවැත්වූ රැස්වීමකදී සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකුට සහ ජාත්‍යන්තර පාසලක සිසුවෙකුට පහරදීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සංගමය පවසනවා. සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු පිරිසක් පහරදීම සිදුකළ බවටයි එම සංගමය චෝදනා කරන්නේ. එහිදී තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවද එම සංගමයේ සාමාජික වෛද්‍ය අසංග වික‍්‍රමසිංහ පැවසුවා.

මෙම චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන්ද විමසීමක් කළා. අද (24) දිනයේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරන බවයි ඊට පිලිතුරු ලබාදෙමින් ගැමුණු විජේරත්න කියා සිටියේ.

Image