ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ලබන 27වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බව වාර්තා වනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන “එක්ව ජයගමු” රැස්වීම් මාලාවේ ගාල්ලේ පැවැත්වෙන රැස්වීමේදී මේ බව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්යවරයෙකුන් ද සිදුකල විමසීමකදී ඔහු ද සඳහන් කළේ ජනාධිපතිවරයා එදින අදාළ ප්‍රකාශය සිදු කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.
මැතිවරණ කොමිසම විසින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර ජනාධිපතිවරයා සිය ප්‍රකාශය සිදුකරනු ඇති ඔහු කියා සිටියේ.
මේ අතර පැවති ආර්ථික අර්බුධයෙන් රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනපතිවරයා ලෙස පත් කිරීමට ජනතාව දෙවරක් නොසිතන බවට තමන් විශ්වාස කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවා.
ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළ ආකාරයට ස්ථිර වශයෙන්ම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පවත්වන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියේ.