Wednesday, November 20, 2024

General line - 0115112241

හිරුණිකාට ඇප




බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණ රාජා විසින් මෙම තීන්දුව ලබා දුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18 කට ඇය වරදකාරිය කෙරුණා.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබුවා.

එම දඬුවම්වලට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇපෑලක් ඉදිරිපත් කර ඇති හෙයින් ඇයව ඇප මත මුදා හරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුවයි ඇය ඇප මත මුදාහැරුණේ.