තණමල්විල හම්බෙගමුව පොලිස් බල ප්රදේශයට අයත් කුකුල්කටුව ප්රදේශයේ දී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.
මෙසේ ඝාතනය වී ඇත්තේ එම ප්රදේශයේ ම පදිංචි වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයකු වන අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වී තිබෙන බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
ඇති අතර ඝාතනය සිදු කල සැකකරුවන් දෙදෙනකු හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් වී ඇත්තේ වයස අවුරුදු විසිපහ සහ විසි හත යන වයස් වල පසුවන සැකකරුවන් දෙදෙනෙක්.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.