Wednesday, November 20, 2024

General line - 0115112241

වෙරළ සංරක්ෂණ නීති යාවත්කාලීන කිරීමට පියවර




වෙරළ සංරක්ෂණයට අදාල නීති යාවත්කාලීන කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

වෙරළ දූෂණය හා අනවසර ඉදිකිරීම් පාලනය කිරීම මෙහි අරමුණයි. මෙරට වෙරළ සම්පත් හා වෙරළ කළමනාකරණ සැලැස්ම ඒ අනුව යාවත්කාලීන කරන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව ඊට අදාල කැබිනට් පත්‍රිකාව කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද එම අමාත්‍යංශය සඳහන් කළා.

1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කලමනාකරණ පනත යටතේ ශ්‍රී ලංකාවේ වෙරළ කලාප කලමනාකරණය කිරීම සදහා “ශ්‍රී ලංකා වෙරළ කලාප සහ වෙරළ කලමනාකරණ සැලැස්ම” පිලියෙල කර ක්‍රියාත්මක කරනු ලබනවා.

වසර පහකට වරක් මෙම සැලැස්ම යාවත්කාලීන කිරීම නීතිමය අවශ්‍යතාවක් බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.